තේරවිලි
1.
කිසිවකු නොයා
යුතු මඟ-නොමඟ
2.
ගෙදරම තියෙන ගල-මිරිස් ගල
3.
සුදු මහත්තයා
කළු තොප්පියක් දාගෙන-ගිනිකූර
4.
තනි කකුලෙන්
ඉන්න සුද්දා-බිම්මල
5.
අලියා නොයන මඟ-ඉනිමඟ
6.
කොළ නැති ගහ-එල්ලුම් ගහ
7.
අපිරිසිදු උනාම
සුදු පාටයි-කළු ලෑල්ල
8.
ඉවසන්න බැරි
ගින්න-බඩගින්න
9.
කාගෙත් මල්ලී-කොත්තමල්ලි
10.
කාගෙත්අක්කා-වට්ටක්කා
11.
සිවුර ගලවලා
ලිඳට පැන්නා-කෙසල් ගෙඩිය
12.
ගහෙන් වැටුණ
මිනිහා ඉස්සෙල්ලාම ගාන්නේ- කෙඳිරි
13.
කපනවට අකමැති
-කන්නට කැමති-බෙලි
14.
පුස්තකාලයේ නැති
පොත-ඉල පොත
15.
ගල් වැටි දෙක
මැද නයා-දිව
16.
වඩු බාස්ගේ රට-බුරුමය
17.
උදේට හිස්
වට්ටිය-රෑට මල් වට්ටිය-අහස
18.
මේ ගස් දෙකටම
ලෙඩ-පැපොල් හා උණ
19.
සුද්දෙක් ගලක්
උඩ ඉඳගෙන අඩනවා-දැල්වෙන ඉටි පන්දම
20.
නොමැරෙණ ගහ-මෝල් ගහ
21. ගස්වල හැදෙන්නේ නැති ගෙඩි-බිත්තර ගෙඩි
22. කපන්න කපන්න එකතුවෙනවා-දිය
23. ගහක් පුරා සුදු බිත්තර-දිවුල්
24. ගෑවුනෝතින් ඇගේ
එල්ලෙනවාමයි-තුත්තිරි
25. ලෙඩ උනාම නගිනවා-උණ
26. මේ ලොවට නම් කවුරුත් ඔලුව
නමනවා-කොණ්ඩෙ
කපන විට
27. එක පෙට්ටියේ සුදු මහත්වරු
පනස්දෙනයි-ගිනිපෙට්ටිය
28. කොණ්ඩේ කඩාගෙන ලේ පෙරාගෙන
අම්මගේ බඩේ දරුවෝ-ජම්බු ගෙඩිය
29. දෙගොඩ යා කරයි යනවිට
ගැස්සෙයි-වැල්
පාලම
30. හැම දේටම තියෙනවා-නමක්
No comments:
Post a Comment