Monday, October 29, 2012

සංඛ්‍යානය 2011



එක්තරා රූපවාහිනී වැඩ සටහනක් තුළ දී ප්‍රචාරය වූ වෙළෙඳ දැන්වීම් 40ක ප්‍රචාරණ කාල පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ.
ප්‍රචාරණ කාලය(තත්)
10-14
14-18
18-22
22-26
26-30
30-34
34-38
වෙළෙඳ දැන්වීම් ගණන
04
06
08
10
05
04
03
1.     වැඩිම වෙළෙඳ දැන්වීම් ගණනක් අයත්වන ප්‍රචාරණ කාල ප්‍රාන්තරය කුමක්ද?
2.   වෙළෙඳ දැන්වීමක මධ්‍යන කාලය තත්පර වලින් සොයන්න.

3.   ඒ අනුව මෙවැනි රූපවාහිනි වැඩසටහනක් තුළ වෙළෙද දැන්වීම් 100 ක් ප්‍රචාරය කෙරෙයි නම් වෙළෙඳ දැන්වීම් සඳහා අවශ්‍ය යැයි අපේක්ෂිත ප්‍රචාරණ කාලය ආසන්න මිනිත්තුවට සොයන්න.

4.     ඉහත (3) හි සඳහන් රූපවාහිනී වැඩසටහන නිෂ්පාදනය සඳහා රු.600 000ක් වැයකරන අතර වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය සඳහා මිනිත්තුවට රුපියල් 20 000 ක මුදලක් අය කරයි.ඉහත වැඩසටහනෙන් රූපවාහිනී ආයතනය කොපමණ ලාභයක් උපයතැයි අපේක්ෂා කළ හැකිද? (2011 සාපෙළ)
පිලිතුරු
·        22-26
·        තත්පර23
·        මිනිත්තු 38
·        රු.160 000